ලෝක ළමා දිනය වෙනුවෙන් අප පාසලේ සිසු දරුවන් විසින් සැමරුම් උත්සවයක් සංවිධානය කළේය.
එහිදී සිසුන් විසින් සංගීත ප්රසංගයක් පැවැත් වූ අතර ඒ සදහා ගුරුවරුන්ගේද නොමද සහයෝගය ලැබිණි. සියළුම සිසුන්ට මෙම දිනය අමතක නොවන සිදුවීම්වලින් යුතු රසබර දිනයක් විය.
අප පාසලේ නිල වෙබ් අඩවිය පසුගිය සැප්තැම්බර් 28 වනදා සයිබර් අවකාශයට එක්විය.
ඔක්තෝබර් 5 වනදාට යෙදුණු ලෝක ගුරු දිනය වෙනුවෙන් අප පාසලේ ගුරු දෙමාපියන්ට උපහාර දැක්වීම සදහා උපහාර උළෙලක් සංවිධානය කෙරිණි.