- පාසල ආරම්භ වන වේලාව පෙ. ව. 7.25 වන අතර ඊට පෙර පාසලට පැමිණිය යුතුය.
- පාසල් සීනුව පෙ. ව 7.25 ට නාද කරන අතර පෙ. ව 7.30 ට ආගමික වතාවත් සිදු කරනු ලබයි. ඒ වන විට සියළුම සිසුන් ක්‍රීඩා පිටිය /පන්ති කාමරය අසල පෙළ ගැසී සන්සුන්ව සිටිය යුතුය.
- දිනපතා පන්ති කාමර. මිදුල හා වැසිකිලි පිරිසිදු කිරීම බාර සිසුන් හා එම කටයුතු අදික්ෂණය බාර ශිෂ්‍ය නායක නායිකාවන් පෙ. ව 7.25 වන විට අදාළ පිරිසිදු කිරීමේ කටයුතු අවසන් කර තිබිය යුතුය
- පාසල් කාලසීමාව තුල නිසි අවසරයකින් තොරව කුමන හේතුවක් නිසාවත් ළමුන් පාසල් පරිශ්‍රයෙන් බැහැර නොයා යුතුය.
- ප. ව. 1.30 ට පෙර පාසලින් බැහැර වීමට අවශ්‍ය නම් ඒ සදහා මව /පියා /බාරකරු පාසල වෙත පැමිණිය යුතුය.
- පාසල් කාලසීමාව තුල පන්තියෙන් බැහැර වීමේ දි පන්ති නායකයා හෝ නයිකාව දැනුවත් කල යුතුය.
- සෑම ළමයෙක් ම දිනපතා ශිෂ්‍ය වාර්තා පොත පාසලට රැගෙන ආ යුතුය පාසලට නොපැමිණි දිනවල ඊට හේතුව ශිෂ්‍ය වාර්තා පොතේ දෙපව්පියන් ලවා සටහන් කරවාගෙන පැමිණිය යුතුය.
- සෑම වර්ෂයකම පාසල් පහසුගම් හා සේවා ගාස්තු එම වර්ෂයේ පළමු වාරය තුල ගෙවා අවසන් කල යුතුය.
- පාසල් ප්රදනියගේ අවසර නොමැතිව බාහිරෙන් ගෙන එන ලද කිසිම ලිව්මක්, පොතක්,පුවත් පතක් CD තැටියක්, අත් පත්‍රිකාවක් (Hand Bill) ටිකට් පොත් ආදිය ඒක සිසුවෙක් විසින් තවත් සිසුවෙකුට නොදිය යුතුය.
- ජංගම දුරකථන පාසලට ගෙන ඒම පාසල් ළමයිට තහනම් වන අතර අවශ්‍ය කටයුත්තක් සදහා කැමරාවක් රැගෙන ආ යුත්තේද විදුහලපතිගෙන් අවසර ලබා ගැනීමෙන් පසුවය.
- පාසල් නිල ඇදුම පුද්ගලික ගමන් බිමන් සදහා යොදා නොගත යුතුය.
- කිසිම ළමයෙකු සෙසු ළමුන්ට අපහසුතාවක් ඇතිවන ලෙස නොහැසිරය යුතු අතර පාසල් පරිශ්‍රය තුළ පාසලේ ගෞරවය රැකෙන පරිදි කටයුතු කළ යුතුය. සෑම විටම ගුරුබවතුන්ට අවනතව පාසල තුළ කටයුතු කිරීම අනිවාර්ය වේ.
- විවේක කාලය තුලදී ළමුන් පන්ති කාමරය තුළම රැදි අහාර ගත් යුතුය.
- පාසල අවසන් වීම සදහා ප. ව 1.25 ට සීනුව නාද කළ විට සන්සුන්ව ජත්ත මානවක ගාථා ගායනා කර අවසාන කාල පරිච්ජේදයේ පන්තියේ සිට ගුරුබවතට වැද පන්තියෙන් බැහැර විය යුතුය.
- දෙදෙනා බැගින් පේළි සෑදී පාරේ දකුණු පසින් ළමුන් පාසලෙන් බැහැර විය යුතුය. අවශ්‍ය කටයුත්තක් සදහා ප. ව 1.30 නෑ පසුව පාසලේ රැදි සිටිය යුත්තේ නිසි අවසරයෙන් යුතුවය.
ආරක්ෂක හේතුන් මත පෙරවරු 7.00 ට පෙර කිසිම ළමයෙකු පාසල් භූමියට ඇතුළු නොවිය යුතුය.