සඳ මඬල ඔබයි - දිලි ගම් පියසේ
ගණ අවිඳු අඳුර - දුරලන දෙනෙතේ
සිරිධම්වස් මහා විදුහල් මව්නේ
පා පියුම් සදා නමදිමු ඔබගේ ......//
ශිල්ප කලා මහ සාගරයේ
ගණිත මිණිත විදු නැණ අතරේ
සැරි සරනා මං හසර කියාදෙන
එළිය ඔබයි විදුහල් මව්නේ .....//
සාර දහම් මනු ගුණ සෙවණේ
විපුල දිරිය ලැබ සිත පිබිදේ
දිගු ගමනක මුල සොඳුරු නවාතැන
ඔබෙ සෙවණයි විදුහල් මව්නේ .....//
සඳ මඬල ඔබයි .....