පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පාසල් නිල ඇදුම - ( ගැහැණු ළමයි )
- සෑම ළමයෙක්ම ඉතා පිරිසිදුව හා පිළිවෙලට ඇද පැළද පාසලට පැමිණිය යුතුය.
- කොණ්ඩය දිග නම් කොන්ඩ කරල් දෙකක් වන සේ ගොත රතු පිත්ත පටියකින් බැදිය යුතුය.
- සුදු ගවුම, දණ ගැසූ විට බීම ගෑවෙන ලෙස දිග විය යුතු අතර ටයි පටිය පැළද සිටිය යුතුය.
- පාසල් නිල ලාංජනය සාක්කුවට මසා තිබිය යුතු අතර සෑම දින එය පැළදිය යුතුය.
- නිල ඇදුම සමග කිසිදු අබරනයක් නොපැලදීය යුතු අතර එල්ලෙන හෝ විවිද වර්ණ කරාබු නොපැලදීය යුතුය.
- සුදු මේස් හෝ පාසලෙන් ලබාදෙන මේස් සමග කළු සපත්තු පැළදගෙන ආ යුතුය.
පාසල් නිල ඇදුම - ( පිරිමි ළමයි )
- සෑම ළමයෙක්ම ඉතා පිරිසිදුව හා පිළිවෙලට ඇද පැළද පාසලට පැමිණිය යුතුය.
- කොණ්ඩය කොටට කපා නිසි ලෙස පිරා තිබිය යුතුය.
- පාසල් නිල ලාංජනය සාක්කුවට මසා තිබිය යුතු අතර සෑම දින එය පැළදිය යුතුය.
- 1-9ශ්‍රේණි වල ළමයි සුදු අත්කොට කමිසයෙන් හා නිල් කොට කලිසමෙන් ද 10-13ශ්‍රේණිවල ළමයි සුදු අත්කොට කමිසයෙන් හා සුදු දිග කලිසමෙන් සැරසි සිටිය යුතුය.
- සුදු මේස් හෝ පාසලෙන් ලබාදෙන මේස් සමග කළු සපත්තු පැළද සිටිය යුතුය.
- නිල ඇදුම සමග කිසිම ආභරණයක් නොපැලදීය යුතුය.